NEWS

Monday, October 17, 2011

එච්.වී.ඒ. ෆාම් වගා ව්‍යාපෘතියට විල්පත්තු මායිමේ වනාන්තර බිල්ලක් පුත්තලම දිස්ත‍්‍රික්කයේ පිහිටි වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයල තබ්බෝව අභයභූමිය හා රාල්මඩුව – අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතය යන සුවිශේෂී ස්ථාන තුනෙහි අක්කර 35 ක වනාන්තර ප‍්‍රදේශයක දැනට වසර ගණනාවක සිට අනවසරින් පවත්වාගෙන ගිය එච්.වී.ඒ. ෆාම් වගා ව්‍යාපෘතිය තව දුරටත් පුළුල් කිරීමටල වනාන්තර අක්කර 225 ක් ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. තවත් වනාන්තර අක්කර 75 ක් අනවසරයෙන් අත්පත් කරගෙන ඒ සමස්ත වනාන්තර ප‍්‍රදේශය ආවරණය වන පරිදි විදුලි වැටක් ඉදි කර තිබේ. අනවසර ව්‍යාපෘතිය නතර කිරීම වෙනුවට ඉඩම් අක්කර 225 ක් වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයෙන් හා තබ්බෝව අභයභූමියෙන් ලබා  ගැනීමට හැකි වූයේ ධනවත් ව්‍යාපාරිකයන් හා දේශපාලන නෑ හිතවතුන් ඉදිරියේ ලංකාවේ පරිසර නීති ක‍්‍රියාත්මක වීමේ තරම ලොවට පසක් කරමිනිග වනාන්තර අක්කර 75 සඳහා නීත්‍යනුකූල ව පිළිගත හැකි සින්නක්කර ඔප්පුවක් නැතත්ල වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම්තුමා සමාගම ආරක්ෂා කිරීමට රජයට අයත් වනාන්තර බිම සඳහා ව්‍යාජ ලෙෂ සකස් කළ ඔප්පුවට නීත්‍යනුකූල බවක් ලබා දී තිබේ. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ද මේ පිළිබඳ නිවැරදි තතු දැන සිටිය ද මේ ව්‍යාජ ඔප්පුව පිළිගැනීම පුදුමයට කරුණකි. මේ තත්ත්වය මෙතෙකින් නතරවී නොමැත. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ස්වාරක්ෂක කලාපයේ (Buffer Zone)  අලි – ඇතුන්ගේ වාසස්ථානයක් මධ්‍යයේ මේ මහ පරිමාණ ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා වයඹ පලාත් පරිසර අධිකාරියෙන් ද අවසර ලබා දී ඇත. මේ සියල්ල කෙසේ සිදු වුණි දැයි සිතා ගැනීමටත් අපහසු ය.
වනජීවී හා පුරාවිද්‍යා රක්ෂිත මධ්‍යයේ පිහිටි එච්.වී.ඒ. ෆාම් නමින් පවත්වාගෙන යන අනවසර වගා ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වන කලාඔයට පහළිනි. එනම් පුත්තලම දිස්ති‍්‍රක්කයේල වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 635 රාල්මඩුව ග‍්‍රාම නිලධාරී වසමේ අච්චිමලේ ග‍්‍රාමයේ ය. අක්කර 35 ක් පමණ වූ භූමි ප‍්‍රදේශයක පළතුරු වගා නියමු ව්‍යාපෘතියක් ලෙස (H. V. A. Farm Pvt (Ltd) නමින් ෑEco – Friendly Organic Farm ලෙස සඳහන් කරමින් මෙය සිදු කරගෙන යනු ලැබිණිග මෙහි ප‍්‍රධාන කාර්යාලය කඳාන, ලින්ටන් පාර, අංක 39/ඒ දරන ස්ථානයේ පිහිටා තිබේ. එහි හිමිකරු වන්නේ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ බෑණනුවන් වන රොහාන් ප‍්‍රනාන්දු මහතා ය.
දැනට වගා ව්‍යාපෘතිය අනවසරයෙන් ව්‍යාප්ත කර ඇති අක්කර 35 ක් පමණ වන භූමිය වනජීවී ආරක්ෂිත ප‍්‍රදේශ දෙකකට ඇතුළත් ය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හෙක්ටයාර 30128ග9 ක් වන වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතය තුළ මේ ව්‍යාපෘති බිමෙන් වැඩි කොටසක් පිහිටා තිබේ. මේ වගා ව්‍යාපෘති බිමේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ස්ථානගත කර ඇති  යෝජිත රක්ෂිතයේ මායිම් කණු ද දක්නට ලැබේ. මීට අමතර ව 2002 ජූලි 19 වන දින අංක 1245/31 දරන ගැසට්  නිවේදනයට අනුව ප‍්‍රකාශිත හෙක්ටයාර 2193,309 ක් වන තබ්බෝව අභයභූමියෙහි මේ වගා බිමෙන් කොටසක් පිහිටා තිබේ. එපමණක් නොව අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතය තුළ මේ වගා ව්‍යාපෘතිය පිහිටා ඇත. මේ සියල්ල සිදු වන තුරු අදාළ රාජ්‍ය නිලධාරීන් මුණිවත රකිමින් මේ අනාගත පරපුරේ සම්පත් වැනසීමට ඉඩකඩ ලබා දුන්නේ දේශපාලන හා මුදල් බලය ඉදිරීයේ වීම කණගාටුවට කරුණකි.
හානි කර වගා ව්‍යාපෘතියේ ඉතිහාසය
මේ අයුරෙන් වනජීවීන් ගේ රැකවරණය සඳහා වෙන් කළ භූමි ප‍්‍රදේශයන්හි මේ වගා බිම් ස්ථානගත කර ඇත්තේ කෙසේ ද යන්න විමසා බැලිය යුතු කරුණකි. මේ ප‍්‍රදේශවල පිහිටි රජයේ ඉඩම් අනවසරයෙන් වගා කටයුතු සඳහා යොදා ගැනීම නිරන්තරයෙන් සිදු වේ. පළමුව අක්කර 2 – 3 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් අනවසරයෙන් අල්ලා ගෙන ඒ භූමිය එළි පෙහෙළි කර වගාවන් සිදු කැරේ. පසු ව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේ පිළිබඳ ව දැනගන්නට ලැබී එකී ප‍්‍රදේශ පරීක්ෂා කළ විට වගා කළ පුද්ගලයන් සිදු කරන්නේ ඒ භූමිය වගා කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසට ඉල්ලීම් කර වාර්ෂික බලපත‍්‍ර ලබා ගැනීම යි. එච්.වී.ඒ. ෆාම් පෞද්ගලික සමාගම මඟින් ද සිදු කර ඇත්තේ මේ ක‍්‍රියාව ම යග 1997 වසරේ දී පළමු ව අක්කර 4 ක් සඳහා ද ඉන් පසු ව අක්කර 8 ක් හා අක්කර 25 ක් සඳහා ද නියමු ව්‍යාපෘතියක් සිදු කිරීමට ඉඩම් ලබා දෙන ලෙසට ඉල්ලීම් කර තිබේ. එය සැලකිල්ලට ගෙන වයඹ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉඩම් අක්කර හතරක් සඳහා පමණක් වාර්ෂික බලපත‍්‍ර යටතේ ඉඩම් ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.
එය ප‍්‍රයෝජනයට ගනිමින් එච්.වී.ඒ. ෆාම් ආයතනය මඟින් අක්කර 35 ක වනාන්තර භූමියක් වරින්වර අනවසරින් එළිපෙහෙළි කර ගස්ලබු, කෙසෙල්, දොඩම් හා අඹ වගා කර ඇත. වගා කටයුතු සඳහා ස්වාභාවික වනාන්තරය සම්පූර්ණයෙන් ම ඉවත් කර තිබේ. වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීම සිදු කරන්නේ ද ඒ ඉඩම ආසන්නයෙන් ගලා බසිනා රාල්මඩුව ඔයෙනි. මේ අනවසර වගා කටයුතු සඳහා තවත් හෙක්ටයාර 100 ක (අක්කර 250 ක් පමණ) ඉඩම් ප‍්‍රමාණයක් ලබා දෙන ලෙස වයඹ පළාත් පරිසර අධිකාරියෙන් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා 1998/03/24 වන දින අදාළ සමාගම විසින් ඉල්ලූම් කරනු ලැබ ඇත. එ අනුව වයඹ පළාත් පරිසර අධිකාරිය මඟින් 1990 අංක 12 දරන පළාත් පාරිසරික ප‍්‍රඥප්තිය යටතේ ප‍්‍රකාශයට පත් කරන ලද 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන විශේෂ ගැසට් නිවේදනයට අනුව මේ ඉඩම් නිදහස් කිරීම සඳහා පාරිසරික බලපෑම් ඇගැයීම්  (තක්සේරු) වාර්තාවක් සකස් කර අනුමැතිය ලබා ගන්නා ලෙසට ව්‍යාපෘති යෝජක සමාගමට දැනුම් දී තිබේග එ අනුව 1999 ජූලි 28 වන දින වයඹ පළාත් පරිසර අධිකාරිය වෙත අනුමැතිය සඳහා අදාළ වාර්තාව ඉදිරිපත් කර ඇත. මේ වාර්තාවට අනුව ඉල්ලූම් කර ඇති ඉඩම් ප‍්‍රදේශ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පේ‍්‍රරක කලාපයට හා කලාඔයේ ජලපෝෂක ප‍්‍රදේශයට අයත් වන නිසාල වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා නිර්දේශ ලබා දීම ප‍්‍රතික්ෂේප කැරිණි.
දිස්ත‍්‍රිත් ලේකම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වයඹ පළාත් පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් පරිහරණ සැලැසුම් අංශය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රජයේ ආයතනවල නියෝජිතයන් ගේ එකමුතුවෙන් සමන්විත පුත්තලම දිස්ත‍්‍රික් ඉඩම් පරිහරණ කමිටුව අදාළ කරුණ සම්බන්ධයෙන් 2003.04.02 වන දින රැස්වී සාකච්ඡ කිරීමෙන් අනතුරු ව එකමතික ව තීරණය කර ඇත්තේ පාරිසරික ව හා පුරා විද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා මේ ප‍්‍රදේශය සංවර්ධන කටයුතු සඳහා නිදහස් නොකළ යුතු බව යි.
රජයේ ඉඩම් ආඥා පනතේ විධිවිධානයන්ට අනුව ද කෘෂිකාර්මික කටයුත්තක් සඳහා අක්කර 50 කට වඩා වැඩි ඉඩම් ප‍්‍රමාණයක් නිදහස් කිරීමට ප‍්‍රථම ඊට අදාළ සියලූ ම ආයතනවල නිර්දේශ ලබාගැනීම අවශ්‍ය ව ඇත. මෙවන් නෛතික ප‍්‍රතිපාදන රාශියකට යටත්ව පවතින රජයේ කැළෑ ඉඩමක් පෞද්ගලික ආයතනයක් මඟින් බලහත්කාරයෙන් ලබා ගැනීම ලංකාවේ නීති පද්ධතිය හෑල්ලූවට ලක් කිරීමකි. එච්.වී.ඒ. ෆාම් මඟින් දැනට අනවසරයෙන් වගා කර ඇති ඉඩම් කොටසේ ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා කැණීම් කිරීමේ දී අඩි 02 ක් පමණ උස කිරිගරුඩ බුද්ධ ප‍්‍රතිමාවක් හමු වී ඇත. මීට අමතර ව මේ ප‍්‍රදේශයෙන් ශෛලමය ගල් ආසනයක්ල ඇතුළු ව ගල් කණු බොහොමයක් මතු ව තිබේ. ඒවා සියල්ල ම එච්.වී.ඒ. ෆාම් වගා භූමියේ පිහිටි ගොඩනැඟිල්ල ඉදිරිපිට    අනාරක්ෂිත ලෙස තබා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගොඩනැඟිල්ල පිහිටි ප‍්‍රදේශය ඇතුළත් ව පුරා වස්තූන් හමු වූ අක්කර 2.5 ක් පමණ භූමි ප‍්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේග එවන් ප‍්‍රදේශයක් වගා කටයුතු සඳහා යොදා ගැනීම කෙතරම් සාධාරණ ද යන්න සිතා බැලිය යුතු ය.
හානි කර වගා ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය
එච්.වී.ඒ. ෆාම් වගා ව්‍යාපෘති භූමිය අලි ගැවසුම් ප‍්‍රදේශයකිග එ වටා සම්පූර්ණ ප‍්‍රදේශය ම විල්පත්තුව හා සම්බන්ධ වනාන්තර පද්ධතියක් ලෙස පවතී. නිරන්තරයෙන් මේ ප‍්‍රදේශයට අලින් පැමිණෙන අතරල අලින් පලවා හැරීමට විශාල පරිශ‍්‍රමයක් දැරීමට ද මේ සමාගමට සිදු වී ඇත. අලින් මේ වගා භූමියට හානි සිදු කර ඇති ආකාරය ද අප ගේ නිරීක්ෂණවලට ලක් ව තිබේග මේ තත්ත්වය සැලැකිල්ලට ගෙන 2003 වසරේ දී පුත්තලම දිස්ත‍්‍රික් ඉඩම් පරිහරණ කමිටුව විසින් මේ ස්ථානයෙන් මේ ව්‍යාපෘතිය ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව එකමතික ව තීරණය කළ ද අදාළ සමාගම මේ වගා ව්‍යාපෘතිය ඉවත් කර නොගැනීමට එරෙහිව සීමාසහිත පාරිසරික පදනම මගින් නඩුකරයක් ගොනු කරන ලදීග පසු ව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ අංක 35/2007 දරන නඩුවට අනුව අධිකරණ ක්ෂේත‍්‍රයේ නව පරිච්ෙඡ්දයක් විවර කරමින් හිටපු අග‍්‍රවිනිශ්චකාර සරත් එන් ද සිල්වා මහතා විසින් මේ අනවසර ව්‍යාපෘතිය ඉවත් කිරීම වෙනුවට විකල්ප ඉඩමක් ලබාදෙන ලෙසට නියෝග කැරිණි. ඒ නියෝගය උපයෝගී කර ගනිමින් එච්.වී.ඒ. ෆාම් ආයතනය අද වන විට වීරක්කුලිචොලේ – එළුවන්කුලම් යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 225 ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙන් කර ගෙන තිබේ. එහෙත් ඒ නඩු තීන්දුවේ කිසිදු ස්ථානයක රක්ෂිතයකින් ඉඩම් ලබා දෙන ලෙසට සඳහන් ව නොමැති මුත්ල ඉහළ දේශපාලන මැදිහත්වීම අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ගේ තීරණයක් ලෙස මේ ඉඩම් ලබාදීම සිදු කර තිබේ.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිට කරුවලගස් වැව දෙසට අලින් ගමන් කරන සාම්ප‍්‍රදායික ගමන් මාර්ගය විහිදී ඇත්තේ මේ ප‍්‍රදේශය හරහා ය. එය විදුලි වැටවල් යොදා අවහිර කිරීම හේතුවෙන් අලි – මිනිස් සහජීවනය බිද වැටීමක් මේ ප‍්‍රදේශයේ සිදු විය හැකි ය. මේ වගා භූමියේ මායිමෙන් ගලා යන රාල්මඩුව ඔය දැඩි නියං කාලවල දී පවා සිදී නොයන බැවින් එහි ජලය බීමට අලි මේ ප‍්‍රදේශයට පැමිණෙති. එහෙත් වගා භූමියෙන් අලින් ගේ ගමන් මාර්ගය අද වන විට අවහිර වී පැවැතීම විශාල බාධකයක් වී ඇත.
වන සංරක්ෂණ ආඥා පනත හා වයඹ පළාත් පරිසර ප‍්‍රඥප්තිය අභියෝගයට ලක් කිරීම
මේ ඉඩම් වෙන්කර දීම සම්පූර්ණයෙන් ම නීති විරෝධී ක‍්‍රියාවකිග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මෙලෙස ලබාදීමේ හැකියාවක් නොමැත. 2009 අංක 56 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනත සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ම යෝජිත රක්ෂිතයට අයත් වීරක්කුලිචෝලේ – එළුවන්කුලම වනාන්තර ඉඩම් ලබා දීම කනගාටුවට කරුණකි.
මීට අමතර ව වයඹ පළාත් පරිසර ප‍්‍රඥප්තිය අභියෝගයට ලක් කරමින් හා මුල දී ඒකමතිකව ගත් තීන්දු අභියෝගයට ලක් කරමින් මේ හානි කර ව්‍යාපෘතිය සඳහා පාරිසරික අනුමැතිය ද ලබා දී තිබේ. මේ ප‍්‍රඥප්තිය යටතේ ප‍්‍රකාශයට පත් කරන ලද 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි කැළෑ ඉඩමකල කැළෑ ආශි‍්‍රත නොවන සංවර්ධන කටයුත්තක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගැයීම් කි‍්‍රයාවලියට යටත් ව කටයුතු කර පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. ඒ සඳහා සකස් කළ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව දුර්වල හා නියමිත ප‍්‍රමාණාත්මක  ඇගයීමකින් තොර වාර්තාවකි. එහෙත් මේ වාර්තාව පදනම් කරගෙන වයඹ පළාත් පරිසර අධිකාරිය කෙසේ අවසර ලබා දුන්නේදැයි විශාල ගැටළුවක් මතු වේ. 2003 වසරේ දී රාජ්‍ය නිලධාරීන් සියල්ලගෙන් සැදුම්ලත් පුත්තලම දිස්ත‍්‍රික් ඉඩම් පරිහරණ කමිටුව විසින් එකමතික ව හානි කර ව්‍යාපෘතියක් යැයි තීරණය කළ මේ ව්‍යාපෘතියට 2011 වසරේ දී අවසර ලබා දුන්නේ කුමන පදනමක් මත ද යන්න අපට නොවැටහේ.
හානි කර වගා ව්‍යාපෘතියේ ව්‍යාජ මුහුණුවර
පරිසර හිතකාමී කාබනික ගොවිතැන නාමයෙන් ව්‍යාජ ව හඳුන්වන මේ වගා ව්‍යාපෘතිය සඳහා කිසිදු කාබනික සහතිකයක් ලබාගෙන නොමැත. කාබනික සහතිකකරණයේ ජාත්‍යන්තරව පිළිගත් (International Federation of Organic Agriculture Monument – TFOAM) ප‍්‍රමිතීන්ට අනුව වනාන්තරයක් එළි කර එහි කාබනික ගොවිතැන් ව්‍යාප්ත කිරීමේ හැකියාවක් නොමැති අතර ඒ සඳහා කාබනික සහතිකය ලබාගත නොහැක. අප මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීමේ දී අනාවරණය වූයේ මේ වගාවන් සඳහා රසායනික ද්‍රව්‍ය භාවිත කරන බවත් මෙහි පළතුරු අපනයනය කිරීම සිදු නොකරන බවත් ය. තව ද කාබනික ගොවිතැනේ භාවිත වන නිවැරැදි සටහන් තබාගැනීමේ ක‍්‍රමවේදයක් මෙහි සිදු නොවන බවත් තහවුරු වී ඇත. අප මෙය ඉතා වගකීමෙන් යුතු ව සඳහන් කර සිටින අතර රාජ්‍ය ආයතන මුළා කරමින් මේ ව්‍යපෘතිය කාබනික ගොවිතැනේ නාමයෙන් ව්‍යාජ ලෙස පවත්වාගෙන යන බව ද මෙසේ සටහන් කරමු.
මේ සඳහා නීතිය ක‍්‍රියාත්මක කරනු වෙනුවට ඒ සඳහා අනුබල ලබාදීමෙන් හා අදාළ නිලධාරීන් මුනිවත රැුකීමෙන් සිදු වන්නේ පියවරින් පියවර රක්ෂිත වනාන්තර විනාශ කිරීමට සමාගම්වලට ඉඩකඩ ලබාදීමකිග පළමු අදියරේ දී ම මේ සඳහා නීතිය ක‍්‍රියාත්මක නොකිරීමේ ප‍්‍රතිඵලය වී ඇත්තේ අද වන විට වනාන්තර අක්කර 225 ක් වීරක්කුලිචෝලේ – එළුවන්කුලම් යෝජිත රක්ෂිතයට අහිමි වීම යග මෙය වනාන්තර අහිමි කිරීමක් පමණක් නො වල අලි ඇතුන් ගේ නිජබිමක් හා අලිමංකඩක් අහිමි කිරීමකි.
මේ හානිකර ක‍්‍රියා පිටුදැකීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වයඹ පළාත් පරිසර අධිකාරිය තමන් සිදු කළ වැරැදි නිවැරැදි කර ගැනීමට ඍජු නිර්භීත තීරණයක් ගනු ඇතැ යි බලාපොරොත්තු වෙමුග එසේ නොවුණහොත් හෙට දින එච්.වී.ඒ. ෆාම් මඟින් දැනට විදුලි වැටක් යොදා වෙන්කර ඇති ව්‍යාජ ලිපි ලේඛන සකස් කර අත්පත් කරගත් වනාන්තර අක්කර 75 ත්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් වනාන්තර අක්කර 225 ත් වන සතුන්ට අහිමි කරමින් එළි පෙහෙළි කරනු ඇත. ඉන් පසු ව නීතිය ක‍්‍රියාත්මක කිරීමෙන් පලක් නොමැති බව අවධාරණයෙන් යුතු ව ලියා තබමු.
- සජීව චාමිකර, පරිසර සංරක්ෂණ භාරය

Thursday, September 8, 2011

මුරලිගේ දඟපන්දුවලට සෝමාවතිය දැවී යයි

මුරලිගේ දඟපන්දුවලට, ප‍්‍රමෝද්‍යගේ වේග පන්දුවලට සෝමාවතිය දැවී යයි

මහවැලි නිම්නයේ ජීවත් වන විල් අලියා ගේ සුවිශේෂී වාසස්ථායක් වන සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ඉඩම් අක්කර 5000 ක් පමණ එළිපෙහෙළි කර මහා පරිමාණ කෙසෙල් වගාවක් ව්‍යාප්ත කිරීම මේ වන විට සිදු කැරෙමින් පවතී. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ, වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්දකාඩුව ප‍්‍රදේශයේ මේ මහා පරිමාණ වනාන්තර එළි පෙහෙළි කිරීම සිදු වේ. බැකෝ යන්ත‍්‍ර යොදා ගෙන හය සිය දෙනකු ගේ පමණ ශ‍්‍රම දායකත්වයෙන් මේ වනාන්තර විනාශය සිදු වේ. මහවැලි ගඟ හා සම්බන්ධ කන්දකාඩුව ඇළ ආසන්නයේ සිට මහවැලි ගඟ දක්වා පිහිටි තෙත් විල්ලූ, වියළි සදාහරිත වනාන්තර හා ගංගාශ‍්‍රිත වනාන්තර සම්පූර්ණයෙන් ම එළි පෙහෙළි කර මේ වගා බිම් ව්‍යාප්ත කර ඇත.


සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් ඉඩම් මෙලෙස මහා පරිමාණයෙන් විනාශ කරනු ලබන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ වෙස්ට් ලේක් විලේජ්හි පිහිටි ‘ඩෝල්’ නම් මහා පරිමාණ බහු ජාතික සමාගමේ ලංකාවේ හවුල්කාර සමාගම වන ”ලෙට්ස් ග්‍රෝ” නම් ආයතනය විසිනි. මේ සමාගමේ හිමිකරුවන් වන්නේ හිටපු ප‍්‍රබල ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනකු වන ප‍්‍රමෝදය වික‍්‍රමසිංහ හා මුත්තයියා මුරලිදරන් ය. ඔවුන් මේ ඉඩම් ලබාගෙන ඇත්තේ යුද හමුදාවෙනි. පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ. ග‍්‍රහණයේ පැවැති මේ වනාන්තර මුදාගැනීමෙන් පසු ව යුද හමුදාව භාරයේ පැවැතිණි. මුදාගැනීමෙන් පසු ව ඔවුන් ඒ ප‍්‍රදේශවලින් ඉවත් වී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා සිවිල් පරිපාලනයට නතු කිරීම වෙනුවට කෙළේ වනාන්තරය එළි පෙහෙළි කිරීම ය. පළමු ව යුද හමුදාව විසින් ම මෙහි වගා බිම් ඇති කරන ලදී. අද වන විට එල්.ටී.ටී.ඊ. පුනරුත්ථාපන රැුඳවියන් යොදාගෙන සෝමාවතිය ජාතික වනෝද්‍යානය ආශ‍්‍රිත වනාන්තර අක්කර 3500 ක් පමණ එළි කර ගොවිපොළක් ආරම්භ කර ඇත. ඉන්පසු ව ලෙට්ස් ග්‍රෝ සමාගමට වනාන්තර අක්කර 11600 ක් යුද හමුදාව විසින් වගා කිරීම සඳහා දෙනු ලැබ තිබේ. පළමු අදියරේ දී මේ සමාගම වනාන්තර අක්කර 5000 ක් පමණ එළි කර කෙසෙල් වගාව ව්‍යාප්ත කර ඇති අතර, ඉදිරියේ දී සත්ත්ව ගොවිපොළක් ඇති කිරීම හා කෘෂි සංචාරක කර්මාන්තය (Agro Tourism) ක‍්‍රියාත්මක කිරීමටත් මේ සමාගම සැලැසුම් කර තිබේ. රටක් දියුණු වීමට නම් මෙවැනි දෑ සිදු කළ යුතු බව අපි අවිවාදයෙන් පිළිගනිමු. එහෙත් ඒ සඳහා වනජීවීන් වෙනුවෙන් වෙන් කළ ජාතික වනෝද්‍යානයක, වන සතුන් බොහොමයකට රැුකවරණය සලසන මහවැලි ගෙඟ් පෝෂක ප‍්‍රදේශ භාවිතයට ගන්නේ නම් ඉන් සිදු වන හානිය, ලැබෙන ප‍්‍රතිලාභවලට වඩා ඉතා විශාල ය.
මේ ව්‍යාපෘතිය යහපත් ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට මේ සමාගමේ හිමිකරුවන්ට සැබෑ වුවමනාවක් තිබුණේ නම් ලංකාවේ දැනට පවතින පාරිසරික නීති උල්ලංඝනය කරමින් සිදු නො කර, ඊට සුදුසු ඉඩම් තෝරාගෙන විධිමත් පරිදි ක‍්‍රියාත්මක කළ හැකි ව තිබිණි. එසේ නොමැති ව නීතිවලට පිටතින් යමින් කටයුතු කළ සමාගමක්, ඉදිරියේ දී රටට යහපත් යමක් සිදු කරනු ඇතැ යි සිතිය නො හැකි ය.
ඩෝල් සමාගමේ ඉතිහාසය දෙස බැලූව ද එය කළු ඉතිහාසයක් ඇති සමාගමක් බව පෙනේ. ලෝකයේ රටවල් 90 ක පමණ එළවළු හා පළතුරු නිෂ්පාදන 300 කට වැඩි ප‍්‍රමාණයක් නිපදවන මේ සමාගම, 2005 වසරේ දී ඊකෝලයි රෝගකාරකය ඇමරිකාවේ ජනපද 26 ක ව්‍යාප්ත කිරීමට දායක වී තිබේ. සලාද කොළ මඟින් මේ රෝගකාරකය ඇරිසෝනා, කැලිෆෝනියා, මිනසෝටා, නිව්යෝක් ඇතුළු ජනපද 26 ක ව්‍යාප්ත කිරීමට හවුල් වී තිබේ. මීට අමතර ව නිකරගුවාවේ ඩෝල් සමාගමට අයත් වගා බිම්වල 1985 දී ඇමරිකාවේ තහනම් කළ ඩයිබ්‍රෝමො ක්ලෝරෝ ප්‍රොපේන් නම් පළිබෝධ නාශකය අධික ව භාවිත කර තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස සේවකයන් වඳ භාවයට පත් ව තිබේ. එහි සේවකයන් විසින් මේ සමාගමට එරෙහි ව නඩු පවරන ලදී. එහෙත් සමාගම සේවකයන්ට මුදල් ලබා දී, තමන් එකී සමාගමට අයත් ඉඩම්වල සේවය කළ අය නො වන බවට අධිකරණය ඉදිරියේ දී ප‍්‍රකාශ ලබා දී තිබේ. පසු ව 2009 වසරේ දී මේ නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජුවන් ඩොමින්ගෙස් අසත්‍ය සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීම, සාධාරණත්වයට අවහිර කිරීම, අධිකරණයට වංචා කිරීම හා ඇමරිකා සමාගමකට එරෙහි ව කුමන්ත‍්‍රණ කිරීම ආදී අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශනයකට භාජනය කැරිණි. ඩෝල් සමාගමේ මුදල් බලය ඉදිරියේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකුට අවසානයේ සිදු වූයේ මෙවන් ඉරණමකට මුහුණ පෑමට යි.


නිකරගුවාවේ, ඩෝල් සමාගමේ සේවකයනට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් ස්වීඩන් ජාතික ෆ්‍රෙඩි‍්‍රක් ගර්ට්න් විසින් වාර්තා චිත‍්‍රපටයක් නිපද වූ අතර, එය ලොස්ඇන්ජලිස් චිත‍්‍රපට උලෙළේ තිරගත කැරිණි. ඊට එරෙහි ව ඩෝල් සමාගම ලොස්ඇන්ජලිස් අධිකරණයේ නඩුවක් ගොනු කෙළේ ය. 2010 වසරේ දී එය ප‍්‍රතික්ෂේප කළ අධිකරණය, මේ චිත‍්‍රපටය ඇමරිකාවේ පෙන්වීමට අවස්ථාව ලබා දුන් අතර, චිත‍්‍රපට නිෂ්පාදකයාට ඩොලර් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට ඩෝල් සමාගමට නියෝග කෙළේ ය.
මෙවන් අපකීර්තිමත් සමාගමක් ලංකාවේ මහා පරිමාණ වගා කටයුතු සඳහා ආයෝජනය කිරීම පිළිබඳ ව හා රටට ගෙන්වා ගැනීම පිළිබඳ ව රටේ අනාගතය පිළිබඳ ව සිතන පිරිසක් ලෙස අපි කනගාටු වෙමු. පසුගිය ජුලි දෙවන දා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ මේ සමාගම යටතේ ඉඩම් එළි කිරීම සිදු කරන ‘නුවන් ලක්ෂිත’ නමැත්තා අත් අඩංගුවට ගත් නමුත් ඔහු අධිකරණය වෙත ඉදිරිපත් නො කර මුදාහැරියේ මන්දැ යි අපට ගැටලූවකි.
අද වන විට වනජීවී නිලධාරීන්ට පවා මේ වනාන්තර ප‍්‍රදේශයට පිවිසීමට නො හැකි තත්ත්වයට පත් වී ඇත. යුද හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේ මේ වනාන්තරය ඩෝල් සමාගමේ ලාංකීය හවුල්කරුවා වන ලෙට්ස් ග්‍රෝ සමාගම මඟින් වේගයෙන් එළිපෙහෙළි කර ගෙන යනු ලැබේ. ඒ සඳහා පොළොන්නරුව, වැලිකන්ද ආදී ප‍්‍රදේශවලින් ශ‍්‍රමිකයන් බස් රථ දෙකක් මඟින් ව්‍යාපෘති භූමිය වෙත ප‍්‍රවාහනය කරනු ලැබේ. අද වන විට කෙසෙල් පැළ සිටුවා ඒවාට මහවැලි ගෙඟ් හා කන්දකාඩුව ඇළෙන් ජලය පොම්ප කැරේ.
මේ වගා බිම් ව්‍යාප්ත කර ඇත්තේ මහවැලි ගෙඟ් පිටාර බිම්වල ය. මේ පිටාර බිම්වල බෙරු තණ ඉතා හොඳින් වැඩෙන අතර, ඒවා අලි – ඇතුන් ගේ ප‍්‍රධාන ආහාරය වේ. තව ද මහවැලි ගෙඟ් ගලා ගෙන එන රොන්මඬ මේ ප‍්‍රදේශවල තැන්පත් වීමෙන් අලි ඇතුන්ට ඉතා පෝෂ්‍යදායී තෘණ ආහාරයට ලැබේ. මේ හේතුවෙන් අලි – මිනිස් ගැටුම සාපේකෂ ව අඩු මට්ටමක පවතී. මේ ප‍්‍රදේශයේ වනාන්තර ප‍්‍රමාණය, තෘණබිම් ප‍්‍රමාණය හා ජල රැුඳවුම් ප‍්‍රමාණය අලි – ඇතුනට ඉතා යෝග්‍ය මට්ටමක පවතී. එහෙත් මේ ව්‍යාපෘතියත් සමඟ ම ඒ තත්ත්වය උඩු යටිකුරු වෙමින් පවතී.
මහවැලි ගඟ මේ ප‍්‍රදේශයේ දී අස්ථායී ව ගමන් කරන අතර, වැසි කාලයට විල්ලූ හරහා නව මං තනමින් පැතිරී යයි. එහෙයින් මේ ප‍්‍රදේශයේ ක්ෂුද්‍ර වාසස්ථාන බහුතරයක් දැකගත හැකි අතර, ඒවාට බොහෝ ජීවීන් අනුවර්තනය වී තිබේ. දැනට වගා බිම් සඳහා විනාශ කර ඇත්තේ මේ වාසස්ථාන සමස්තය යි. එපමණක් නො ව මහවැලි ගෙඟ් ඉවුරු පවා ඩෝසර් මඟින් විනාශ කර තිබේ.
ඉදිරියේ දී මහා පරිමාණ කෙසෙල් වගාවට හා සත්ත්ව ගොවිපොළට භාවිත කරන පළිබෝධනාශක, රසායනික පොහොර ඇතුළු විවිධ දෑ නිසා සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ජීවීන්ට හා මහවැලි ගඟ, කන්දකාඩුව ඇළ දැඩි තර්ජනයකට ලක් විය හැකි ය.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 1986 සැප්තැම්බර් 02 වන දින අංක 417/5 දරන ගැසට් නිවේදනයෙන් සෝමාවතිය ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදි. පසු ව 1987 මැයි 09 වැනි දින අංක 453/30 ගැසට් නිවේදනය මඟින් තවත් වනාන්තර හෙක්ටයාර 16,589 ක් ජාතික වනෝද්‍යානයට එක් කැරිණි. ඒ අනුව අද වන විට ජාතික වනෝද්‍යානයට අයත් සමස්ත භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 37,645 ක් පමණ වේ.
2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 05 සහ 06 වගන්ති සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් මේ නීති වරෝධී වගා කටයුතු සිදු කැරේ. ජාතික වනෝද්‍යානයකට අනවසරයෙන් ඇතුළුවීම, එළිකිරීම, වගාබිම් ව්‍යාප්ත කිරීම යන මේවා සියල්ල නීති විරෝධී ක‍්‍රියාවන් වන අතර අධිකරණයෙන් ඇප ලබා ගැනීමට නො හැකි වරදකි. එහෙත් මේ සමාගමේ මුදල් බලයත්, යුද හමුදාවේ රැකවරණයත් හේතු කොට කිසිදු සිවිල් නීතියකට යටත් නො වී මේ හානිකර වගා බිම් ව්‍යාප්තිය සිදු වෙයි. එවන් තත්ත්වයක් රට තුළ පවතින්නේ මක් නිසා දැ යි අපි ප‍්‍රශ්න කර සිටිමු.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් මැදිහත් වී මේ වගා ව්‍යාපෘතිය ඉවත් කිරීමට පියවර නොගත හොත්, සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ වනාන්තර ඉඩම් සියල්ල ඊනියා සංවර්ධනයට සම්පූර්ණයෙන් ම ගොදුරු විය හැකි බව අපි කල්තියා අන්තරාය අඟවමු.

Tuesday, August 30, 2011


îÜ f.dú uqyqKq r;=fõ







hdmk îÜ reÜ lsf,dajl f;d. ñ, remsh,a 8¡10 olajd wvq ùu ksid oUq,a,g tk hdmk f.dúhdf.a uqyqK r;= ù we;' Èklg îÜrEÜ lsf,da ,laIhla muK tk kuq;a lsf,dajlska remsh,a fol ;=klg jvd ,dnhla fkd,efnk nj Tjqyq lsh;s'
yÈis kS;sh bj;a l<o fmdaiagrhla we,jQ f.dúfhda w;awvx.=jg 

iuia: ,xld f.dúck iïfï,kh úiska jeõ nÿ §ug tfrys ud.,af,a jej wdYs%;j ksljeráh k.rfha fmdiag¾ w,jñka isá fofofkl= Bfha 25 rd;S% 11g muk ksljeráh fmd,Sish úiska rdcH úfrdaë fmdaiag¾ we,ùfï fpdaokdj u; w;awvx.=jg f.k ;sfí

fufia w;awvx.=jg f.k we;af;a tu iïfï,kfha B'tï ch;s,l yd tÉ'tï uoaÿu nKavdr hk idudðlhka fofokd jk w;r fudjqka w;awvx.=jg f. we;af;a kkaofiak kï ks,Odßhd iy 88885 ork rdcldß wxlh ysñ ks,Odßhd úisks'

w;awvx.=jg .;a fofokdj ksljeráh fmd,Sishg /f.k.sh úg Wm fmd,Sia mÍCIl úð; l=udr zz uqka ;uhs wms tlal yemafmk Wka uqkaj odm,a, l+vqjgZZ hs mjid fmd,sia isrueÈrhg oud we;'

yÈis kS;sh mjd bj;a lr we;s fudfyd;l fuf,i w;awvx.=jg .ekSfï moku l=ulaoehs fudjqka fofokd ksoyialr.ekSu bÈßm;ajQ m,d;aiNd uka;S% ksu,a fyar;a uy;d ksljeráh uQ,ia:dk fmd,Sia mÍCIl jrhd yuqfõ m%Yaklr we;' túg lsisjla lshd.; fkdyelsj yeisrekq fmd,sia mÍCIljrhd fudjqka ksoyialrk njg uka;S%jrhdg fmdfrdkaÿ ù we;'

miqj rd;S% 1g muk fmd,sia wem u; ksoyia lr we;af;a fmd,Sish úiska ilik ,o lg W;a;rhlg n,y;aldrh fhdojd w;aika f.k h'
n,y;aldrfhka w;aika .;a lgW;a;rfha i|ykaj we;af;a ksljeráh k.rfha îu;aj msßila isá neúka Tjqkaf.ka iuia: ,xld f.dúck iïfï,kfha idudðlhka fofokdg wk;=rla fj;ehs is;d fudjqka fofokdf.a wdrCIdj i|yd fufia fmd,sia Ndrhg .;a njhs'

fuf,i w;awvx.=jg f.k fmd,sia wem u; ksoyia ù we;s fofokd fjkqfjka fyg Èkfha udkj ysñlï fldñiu yuqfõ meñKs,s lsÍug iy fjk;a wjYH kS;s lghq;= lsÍug iuia: ,xld f.dúck iïfï,kh lghq;= lrf.k hk nj tys m%ldYlfhl= mejiSh

Monday, August 29, 2011

                                                   
 f.dú Wmjdih 2002